Archive For The “other” Category

අගනුවර තරුණ කවි සමාජය සිය 83 වන සංවත්සරය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) දින දෙහිවල එස් ඩී එස් ජයසිංහ ශාලාවේදී පවත්වන ලදී. මෙහිඳී සඳැස් කවි පිළිබඳව විශේෂ කුසලතා දැක්වූ කවිකරුවනට සම්මාන පිරිනැමීමක් ද සිදුවිය. එම වැඩසටහනට කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී විය.

බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලට සියවසක් සපිරීම සිහි කරන සියවස් සමරු මහ උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

අමාත්‍ය චම්පික රණවක මැතිතුමා උදෑසන කුරුණෑගල වැව රවුමේ ශරීර සුවතාවේ නිරත වූ පියෙකු සහ දියණියන් දෙදෙනෙකු සමග සුහද පිළිසඳරක නිරත වූ අයුරු.
තරුණකමත්, නිර්මාණශීලීත්වයත්, කුසළතාවයත් ඉදිරියට ගැනීම තමයි අද අපේ රටේ තියෙන ප්‍රධානම දේශපාලන අභියෝගය

“දැන් මේ වෙළෙඳපොල ආර්ථිකයේ ප්‍රධාන තර්කයක් තමයි නිදහස් තරඟයෙන්, නිර්මාණශීලීත්වයෙන්, පැරණි දෑ පසුකරලා අලුත් දෑට ඉදිරියට එන්න තියෙන ඉඩකඩ වැඩිය කියන අදහස. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා Creative Destruction කියලා. වෙළෙඳපොල ඇතුලේ අලුත් දෑ ඉදිරියට ඇවිත් පැරණි දෑ පසුපසට විසිවී අලුත් දෑ ජයග්‍රහණය කරනවා. ඒක මේ රටේ සෑම ක්ෂ්ත්රයකම අපට දැක බලා ගැනීමට පුලුවන්. නමුත් දේශපාලනයේ පමණක්…

ප්‍රංශ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනය සඳහා විධිමත් ආයෝජනයක් කිරීමට සූදානම් වී තිබීම නිසා ඒ පිළිබඳ පැවති සාකච්ඡාවක් වෙනුවෙන් පසුගියදා ප්‍රංශ චාරිකාවක නිරත වූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ අදහස් පල කර සිටියහ. “ප්‍රංශය විප්ලවකාරී අත්හදාබැලීම්වලට කවදත් සූර රටක්. පළමුවෙන්ම රාජ්‍යත්වය අහෝසි කිරීම සඳහා විප්ලවකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ප්රංශයයි….

“මේ රට ඉතාමත් අඳුරු අවස්ථාවල් පැවති අවස්ථාවේ අපේ ජාතික ශාසනික ආකාරයෙන් අපි තර්ජනයට මුහුුුණ දී තිබුණු අවස්ථාවේ විශේෂයෙන්ම අමරපුර නිකායේ මහා සංඝරත්නය එතැනදී මුල්වී කටයුතු කළා අප සමග. අපට මතකයි එදා ත්රස්තවාදයේ අඳුරු අවස්ථාවලදී කුප්පියාවත්ත ජයසේකරාරාමයේ සිට ඇරඹුණු මේ රටේ ඒ නූතන ජාතික ව්‍යාපාරය, ඒ භික්ෂූන් වහන්සේලාගේ ඒ සමාජ දේශපාලන කටයුතුවලදී අමරපුර නිකාය ඉතාම වැදගත්…

ශ්‍රී ලංකා ශාසන වංශ කථාවට නව පරිච්ඦේදයක් එකතු කරමින් බුද්ධ වර්ෂ 2346 දී නොහොත් ව්‍යවහාර වර්ෂ 1802 දී ලක්දිව අමරපුර නිකාය පිහිටුවා වදාල බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වැලිතර ශ්‍රී ඥාණවිමල තිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අමරපුර ආදී කර්තෘන් වහන්සේලා අනුස්මරණය කිරීමට සමගාමීව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින්ි‘දේශපේ‍්‍රමී ජාති හිතෛෂී ජනතා පුත්‍රයෙකු ලෙස රට-දැය-සමයේ ප්රගමනය…

ප්‍රංශයේ සංචාරයක නිරත වන පාඨලී චම්පික රණවක මැතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා සමාධි විහාරයේ අනුශාසක හා විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නා ලදී. වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

ප්‍රංශයේ සංචාරයක නිරත වන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ලොව විශාලතම කලා කෞතුකාගාරය වන ප්‍රංශයේ ලූවර් කෙෘතුකාගාරයේ චාරිකාවකට එක්විය. ඵෙතිහාසික ස්මාරකයක් ලෙස ද සැලකෙන මෙම කෞතුකාගාරයේ ප්රාග් ඵෙතිහාසික යුගයේ සිට 21 වන සියවස දක්වා අයිතම 38,000ක් පමණ (වර්ග අඩි 782,910 වපසරියක) ප්‍රදර්ශණය කෙරෙයි. ඒ අතර ලෝ ප්‍රකට ලියනාඩෝ ඩා වින්සිගේ ‘මෝනා…

ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයේ ප්‍රධානියා වන රෙනෝ ඩොනේඩෝ වර්බ්රේ මහතා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා අතර සාකච්ඡාවක් ප්‍රංශයේ දී පැවැත්වින. රෙනෝ ඩොනේඩෝ වර්බ්රේ මහතා ප්‍රංශයේ යුරෝපීය සබඳතා අමාත්‍යධූරය මෙන්ම ප්‍රංශයේ සංස්කෘතික සහ සන්නිවේදන අමාත්‍යධූරය ද හොබවන ලදුව ඇති අතර වර්තමානයේදී ඔහු විසින් ප්‍රංශයේ ආර්ඩීඩීවී පාට්නර්ස් ආයතනයට නායකත්වය දෙනු ලබයි. …