සුර්ය සංක්‍රාන්තිය – රාශි පිහිටීම

සුර්ය සංක්‍රාන්තිය – රාශි පිහිටීම

රාශි 12ක් අවකාශයේ පුරා පැතිර තිබෙන අතර, සුර්යාට සාපේක්ෂව ඒවායේ ගමන් මාර්ග අපට දර්ශනය වේ. සැම වසරකම රාශියෙන් රාශියට හිරු මුදුන් වෙමින් ගමන් කරනු ලැබේ.. සිංහල අවුරුද්ද උදාවෙන්නේ හිරු මින රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙනි.

නුතන සමීකරණ වලින් තොරව අපේ පැරණි ජෝතිෂවේදී විශේෂඥයන් සුර්යයා රාශි අතර සංක්‍රමණය වන කාලවකවානු නිවැරදිව ගණන කර තිබේ.ජිවිතය ග්‍රහලෝක අතර යම් බැදීමක් තිබෙන බව විශ්වාස කරන ඇතැම් උදවිය සිටින අතර විශ්වාස නොකරන පිරිසකුත් සමාජය තුල ජිවත් වේ. නුතනයේ තිබෙන බලගතු විද්‍යාවක් වන සාපේක්ෂතාවාදය අනුව මුළු ලෝකයම කාල අවකාශ චක්‍රයක තුල ජිවන පැවැත්ම අන්තර්ගත බවත්, අනෙක් ග්‍රහලෝක වලින් ඇතිවන ගුරුත්වාකර්ෂණ කාල අවකාශයේ නිශ්චිත තැනක අපේ උප්පත්තිය හා ජිවත්වන අවස්තාවලදී අපගේ පිහිටීම සනිටුවන් වේ.

වියවුල් විද්‍යාව නුතනයේ තිබෙන වැදගත් විද්‍යාවක් වේ. මෙහි වැදගත්ම සිද්ධාන්තය වනුයේ, කෙතරම් කුඩා ප්‍රමාණයන් වලට ජේදනය කළ විට ඒ කුඩාම දේවල් වල තිබෙන ඉතා ගැඹූරු සංකීර්ණත්වය අන්තර්ගතවන බවත්, ඉතා කුඩා වෙනස්කම් විවිධ අවස්ථාවලදී මහා වෙනස්කම වලට බලපාන බව සමනළ ආචරණය යනුවෙන් හැදින්විය හැකිය. කාල අවකාශයේ සංකීර්ණත්වය, විශ්වයේ සංකීරණත්වය තරම් බරපතල කාරණයකි. මේ සැම දෙයක්ම මනසින් සාදා ගත් කරුණු වන අතර මනස දියුණු කිරීමෙන් අපගේ මමංකාරය අප තුලින් බිද දමා බෞද්ධයන් ලෙස අපේ ඉරණම අප විසින් විසදා ගත හැකි බව මතකයේ තබා ගත යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *