‘‘බලූ, කපුටු දේශපාලනය වෙනුවට සිංහ, රාජාලි දේශපාලනයක් ඇති කළ යුතුයි.’’ – ඇමති චම්පික රණවක

‘‘බලූ, කපුටු දේශපාලනය වෙනුවට සිංහ, රාජාලි දේශපාලනයක් ඇති කළ යුතුයි.’’ – ඇමති චම්පික රණවක

·         නිපුණතාවයප‍්‍රායෝගිකත්වය හා අවංකත්වය යන ත‍්‍රිමූර්තිය සමග ශක්තිමත් රටක් ඇතිකරන්නට සියළු දෙනාගේම දායකත්වය බලාපොරොත්තු වෙනවා.

මහානගර ඇමති චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ජාතික මග දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ කෑගල්ල සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයාඅද අපේ රටේ රුපියලක් සංවර්ධනයට යොදවනකොට රුපියල් තුනක් ණය ගෙවන්න සිදු වෙලා තියෙනවා. හුඟක් දෙනෙක් හිතනවා මේ නොමිලයේ බෙදන්නේ දේශපාලනඥයින්ගේ කැමැත්තටහැකියාවට එහෙම නැත්නම් කුසලතාවයට කියලානෑ. ඒ ඔබේ, මගේ පාන්පිටි කිලෝවටහාල් කිලෝවටපිරිප්පු කිලෝවටසීනි කිලෝවටගහන බදුවලින් තමයි ඒ ඔක්කෝම ගෙවන්නෙ. එතකොට මේවා නිකන් හම්බුනා කියලාඅපිට මේවා නිකන් ලැබුණා කියලාඅපි ආඩම්බර වෙලා බැහැ. මොකද අනික් අතට මේවට ගෙවන්නේ සමාජයම තමයි. එහෙමනම්ආදායම් උපදවන ක‍්‍රමවේදයකට අපි රට ගෙනියන්න  ඕනෑ.

අපි දන්නවා බලූ – කපුටු දානබලූ-කපුටු දාන දෙනකොට මොකද වෙන්නෙඒ බල්ලන් කපුටන් ඇවිත් ඒවා බොහොම සන්තෝසෙන් කනවා. දෙවනි දවසෙ යනකොට ඒ බල්ලොයි කාක්කොයි පෝලින් ගැහිලා ඉන්නවා. හරි ජනපි‍්‍රයයිඋන් හරි මනාපයි දානෙ දෙන අයට. මම දන්නවා එක කාන්තාවක් ඉන්නවා නිදහස් චතුරස‍්‍රයේ. එතුමිය එන ඉව දැනුනාම බල්ලොයිකපුටොයි රංචුවම ඒ පස්සෙන් එනවා. අපේ රටේ දේශපාලනයෙත් තියෙන්නත් බලූ-කපුටු දානම තමයි. දෙනවා කියල දන්න තැනට මිනිස්සු ඇදෙනවා. හිතනවා මේක තමයි ක‍්‍රමය කියලා. හැමදාම ජනතාව,  ඡන්ද දායකයා ඔදවත්තෙදවත්බලවත් පුද්ගලයෙක් නෙවෙයි අර කිවූ ආකාරයටසුනඛයෙක් නැත්තම් කාක්කෙක් විදිහට තමයි ජීවත් වෙන්නෙ.

කවදද අපි අපේ රටේ ජනතාව සිංහයෝ බවට පත් කරන්නෙකවදද අපි අපේ රටේ ජනතාව රාජාලීන් බවට පත් කරන්නෙතමන්ගේ ශක්තියෙන්ස්ව ශක්තියෙන් නැගිටලා මේ ඔදවත් තෙදවත් රට නිර්මාණය කරන්න ගමන් කරවන්න.  අන්න ඒ දෙයට පසුබිමක් හා පදනමක් මේ ජාතික මග වේදිකාවෙන් හදලා තිබෙනවා. ඒ නිසා අපි ඔබ සැමට ආරාධනා කරනවා. මේ රට අපට හදන්න  ඕනේමේ රටේ ජාතික ආරක්‍ෂාව ඉහලින් තහවුරු කරලා මේ රට රකින්න  ඕනේ අපි. ඒ වගේම මේ රටේ නව නීති රීති ගෙනල්ල නව සමාජ ආකර්ෂණයන් ඇතිකරලා මේ රට අපි නිවන්න  ඕනේ. ඒ නිසා මේ ජාතික මග  පදනමකි‍්‍රයාදාමයදේශපාලන බේදයෙන් තොරව වැළඳගන්න. මේකත් සමග එකතුවෙන්නවෘත්තීය මට්ටමෙන් නිපුණතාවයප‍්‍රායෝගිකත්වය හා අවංකත්වය කියන ඒ ත‍්‍රිමූර්තිය සමග ශක්තිමත් රටක් ඇතිකරන්නට අපි සියළු දෙනාගේම දායකත්වය බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *