ආගමික අන්තවාදය පාලනය නොකළහොත් ජන කොටස් අතර එකිනෙකාට එරෙහිව යන ගැටුම් නිර්මාණය වේවි – ඇමති චම්පික රණවක

ආගමික අන්තවාදය පාලනය නොකළහොත් ජන කොටස් අතර  එකිනෙකාට එරෙහිව යන ගැටුම් නිර්මාණය වේවි – ඇමති චම්පික රණවක
  • 21 වෙනිදා ප‍්‍රහාරයෙන් පහර වැදිච්ච සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ මෙන්ම අනෙකුත් අයට ආර්ථික සහන පැකේජයක් රජය විසින් වහාම ලබාදිය යුතුයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ සිය නිල ෆේස්බුක් පිටුව වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයානිදහසින් පසු මේ රටේ දේශපාලනමය වශයෙන් වූ යුග ගණනාවක් තිබුණා. එකක් තමයි අපි වම – දකුණ හැටියට බෙදිලා මේ රටේ දේශපාලනය කරගෙන ගියා. නමුත් ඒකේ කූටප‍්‍රාප්තිය ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී පාලනයක් හදන්න කැරැල්ලක් ගැසුවා. ඊ ළට 1983 වගේ කාලයක ඉඳන් එතෙක් අතුරු දේශපාලන කි‍්‍රයාවලියක් හැටියට තිබූ දෙමළ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපාරය ප‍්‍රධාන කි‍්‍රයාවලියක් බවට පත් වුණා. මුළු සමාජයම අවුරුදු ගණනාවක්දශක ගණනාවක් ඒ වටා භ‍්‍රමණය උනා ප‍්‍රභාකරන් හා ඔහුගේ බෙදුම්වාදී කි‍්‍රයාකලාපය. 

ඒ වගේම 83 එම කි‍්‍රයාදාමය එහෙම යන අතරේ මේ 2019 අපේ‍්‍රල් 21 වෙනිදා ඇති වූ ක‍්‍රියාදාමය මගින්  ලංකාවේ දේශපාලනයේ අලූත් මගක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. එය තමයි ආගම මත ගැටුම් ඇතිවීම. වම දකුණ කියන දේශපාලන දර්ශන මත ගැටුම් ඇතිකර ගත්තා. ඊ ළට ජන වර්ග අතර බෙදුම්වාදය හා බෙදුම්වාදීන්ට විරුද්ධව යනාදී වශයෙන් ගැටුම් ඇති කර ගත්තා.  දැන් අපි ආගම අතර ගැටුම් ඇතිවෙලා තිබෙනවා. මෙතන මතුපිටින් පෙනෙන විදිහට කෙලින්ම කි‍්‍රස්තියානි භක්තිකයින්ට එරෙහිව ඉස්ලාමීය ත‍්‍රස්තවාදී පිරිසක් කිසියම් සන්නද්ධ කි‍්‍රයාදාමයක් මුදා හැරලා තිබෙනවා. ඒක තමයි මතුපිටින් පේන්නේ. නමුත් මේක අනාගතයේ අපි පාලනය නොකළොත් මේක සියළු ජන කොටස් වෙලා ගත්ත හැම කෙනා හැම කෙනාටම විරුද්ධව ගමන් කරන කි‍්‍රයාදාමයක් බවට පත් වෙනවා. ඒ නිසා මෙය පාලනය කර ගන්න  ඕනෙයි කියන එක අපි ප‍්‍රථමයෙන්ම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම මේ සිදුවීමත් සමග අපේ සතුරා හඳුනාගන්නේ නැතිව එකිනෙකාට දොස් පවරනවා,

මට තවම මතකයි එල්.ටී.ටී.ඊ. සංවිධානය දළඳා මාළිඟාවට ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේ ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම ගැන නෙමෙයි කතා කළේ අනුරුද්ධ රත්වත්තේ ධූරයෙන් අස්වීම තමයි කට්ටිය කතා කළේ. අන්න ඒ වගේ දේශපාලන දෝෂාරෝපණ අපි කරගත යුතු නැහැ. එක එක්කෙනාට බැණ අඩ ගැහීමෙන් අපේ පරණ ඒ සිදුවීම්අපේ තිබිච්ච ලිහිල් බාවයන්ගෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරිය බලා ගමන් කළ යුතුයි.

ඒ වගේම අපි මේ කුමන්ත‍්‍රණ කතාමේක පිටුපස  රටේ අසුවල් කුමන්ත‍්‍රණය තිබෙනවා කියලා සතුරා හඳුනාගැනීමෙන් වලක්වාලීමට කරන විවිධ කි‍්‍රයාදාමයන් තිබෙනවා. කොටින්ම සතුරාට බුර්කාව පළන්දවලා වෙන සතුරෝ පෙන්වන කි‍්‍රයාදාමයෙන් අපි අයින් වෙලා සතුරා හරියට අපි හඳුනාගත යුතුයි. ඔහුට වෙස්මුහුණු පැළඳවීමට ඉඩදිය යුතු නැහැ. ඒ වගේම විවිධ දර්ශනසමාජ දේශපාලන විග‍්‍රහ කරලා මේ ප‍්‍රශ්ණය යට ගහන්න හොඳ නැහැසුදු හුණු ගාන්න හොඳ නැහැ මේ ත‍්‍රස්තවාදීන්ට. ඒ නිසා අපි හිතනවා මේ ත‍්‍රස්තවාදියා හඳුනා ගැනීමත් එහි තිබෙන සමාජ බලවේග හඳුනා ගැනීමත්ඒ වගේම ඒ සඳහා කි‍්‍රයාකාරීව කටයුතු කිරීමටත් අපි ඉදිරිපත් කර තිබෙනවා විධිමත් වැඩපිළිවෙලක්. ඒ වගේම රටපුරා පළල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න අපි කටයුතු කරනවා.

මෙතනදී මෙහි විශාල ආර්ථික බලපෑමක් මෙහි පෙනෙනවා. සංචාරක ව්‍යාපාරයටඅපි දන්නවා අපේ මහ බැංකුව පසුගියදා නිකුත් කළා මෙහි ආර්ථික බලපෑම. විශේෂයෙන්ම අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 5% ක් පමණ සංචාරක ව්‍යාපාරයේ ඉන්නේ. ඍජු රැකියා ලක්ෂ 4 ක්වක‍්‍ර රැකියා ලක්ෂ 6 ක් පමණ අනතුරේ වැටිලා තියෙන්නේ. රජය දැන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අයට සහන ලබාදෙන්න. ඒ වගේම ආරක්‍ෂක වියදම් ඉහළ යාම නිසා අපේ අයවැය පරතරයට ප‍්‍රශ්න මතුවෙන්න පුළුවන්. නමුත් අපි එය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඒ වගේම අපේ ආර්ථික වර්ධන වේගයට මෙමගින් බලපෑම් එල්ල වෙන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ආයෝජනවලට බලපෑම් එල්ල වෙන්න ඉඩ තිබෙනවා. ලංකාවට ආයෝජන එන්න තිබෙන ඉඩකඩ අඩුවෙන්න  ඉඩ තිබෙනවා මේ සිදුවීම් එක්ක. ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වෙන්න ඉඩතිබෙනවා. ඒ සියල්ලෙම යම් විෂම චක‍්‍රයක් ආර්ථිකයට එල්ල වෙන්න ඉඩකඩ තිබෙනවා මේ වැඩපිළිවෙලින්.

නමුත් සතුටු දායක පැත්තකුත් තිබෙනවා. උදාහරණයක් හැටියට  කොටස් වෙළඳපලෙන් කිසිම කෙනෙක් විදේශිකයෝ මේ සිදුවීම නිසා මුදල් ආපසු අරගෙන ගිහිල්ලා නැහැ. ඒ නිසා අපිට අපේ ආර්ථිකයේ ඇතැම් ක්‍ෂෙත‍්‍ර ගැන අවබෝධයෙන් කටයුතු කරන අය හොඳින් කටයුතු කර තිබෙනවා. අපේ වගකීම මේ පිළිබඳව හොඳ ප‍්‍රතිරූපයක් ජාතික ජාත්‍යන්තරව ගොඩනගන්න. ඒ සඳහා අවශ්‍ය සහ අප සමග සිටින ආර්ථික විද්‍යාඥයින්ගේ සහය අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී. අපේ ඒ ක‍්‍රියාවලියේ නියැලෙන පිරිස්වලට. ඒ වගේම අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මේකෙන් පහර වැදිච්චප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ අයට සහ අනෙකුත් අයට වහාම ආර්ථික සහන පැකේජයක් රජය ලබාදිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා. නැත්නම් ඒ අය කඩා වැටුනොත් රටක් කඩා වැටෙන්න ඉඩ තිබෙන නිසා යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *