විදෙස් රටවල් ආගමික අන්තවාදය පාලනය කිරීමට යොදා ගත් නිර්රැඩිකල් ව්‍යාපාරයෙන් අප පාඩම් ඉගෙන ගත යුතුයි

විදෙස් රටවල් ආගමික අන්තවාදය පාලනය කිරීමට යොදා ගත් නිර්රැඩිකල් ව්‍යාපාරයෙන් අප පාඩම් ඉගෙන ගත යුතුයි

“විශේෂයෙන්ම විශ්ව විද්‍යාල හැටියට පවත්වාගෙන යනව ඒවා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම යටතේ. ඒ වගේම අනෙකුත් ආගමික පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේත් අනෙක් ආගමික ආයතන කරගෙන යනවා වගේ කරගෙන යා යුතුයි. ඒමගින් මේ කුඩා දරුවන් සහ තරුණ පිරිස් මේ රැඩිකල්කරණයට යොමුවීමේ වාතාවරණය පාලනය කර ගත හැකියා කියා අපි හිතනවා. මෙතනදි අපි විශේෂයෙන්ම බටහිර රටවල්වලට වඩා ඉස්ලාමීය රටවල්ඉන්දුනීසියාවමැලේසියාව වගේ රටවල් ඒ රටවල්වල මේක පාලනය කරන්න අනුගමනය කරපු කි‍්‍රයාදාමය නිර් රැඩිකල්කරන ව්‍යාපාරයෙන් පාඩම් ඉගෙන ගන්න  ඕනේ. සම්බන්ධකම් ඇති කරගන්න  ඕනේ. ඇතිකරගෙන ඒ පාඩම් අපේ රටතුළත් අපි කි‍්‍රයාත්මක කරන්න කටයුතු කරන්න  ඕනේ. ඒ වගේම මේ රටේ එක්තරා කාලයක තව්පික් ජමාද් ව්‍යාපාරයඊට පස්සේ තව්හිද් ජමාද් ව්‍යාපාරය විසින් අනුක‍්‍රමයෙන් අපේ රටේ මුස්ලිම් ජනතාව තුළ යම් සමාජ බෙදුම්වාදය ඇති කළා. ඒකට සුළු පිරිසක් හසු උනා. ඒ හසුවීම නිසා අපි අතර සමාජමය පරස්පරයක් ඇතිවුණා. ඇඳුමෙන් පැළඳුමෙන් කෑමෙන් – බීමෙන් දැන් ඒ සියල්ල අපි එකට එකතු වෙන්න  ඕනේ. මේ රට මුස්ලිම් අනන්‍යතාවයත් අරක්‍ෂා කරගෙන අපි එකට එකතු විය යුතුයි. සැකයෙන් බලන තත්වයක් ඇති කරන්න හොඳ නැහැ”

ජාතික මග මහජන ව්‍යාපාරය මගින් සංවිධානය කළ රට රකින – රට හදන’ තේමාව යටතේ රට තුළ ඉදිරියේදී ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව පැහැදිලි කෙරෙන විශේෂ මාධ්‍ය හමුවේදී පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියහ.

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *