‘‘වත්මන් උමා ඔය ගැටළුව ඇතිවුණේ දේශපාලනඥයෙකුගේ පවිටු අදහස් ඉටු කරගන්න යෑම නිසා’’

‘‘වත්මන් උමා ඔය ගැටළුව ඇතිවුණේ දේශපාලනඥයෙකුගේ පවිටු අදහස් ඉටු කරගන්න යෑම නිසා’’

අද බණ්ඩාරවෙල ඇතිවෙලා තිබෙන උමා ඔයේ ගැටළුව, මේ රටේ උමං හදන්න ගියහම අනිවාර්යයෙන්ම ඔය වගේ ගැටළු පැන නගිනවා. මැතිණියගේ කාලේ මෛත‍්‍රීපාල සේනානායක මහත්මයා බෝවතැන්නට උමග හදනකොට ඔය ප‍්‍රශ්නෙම ආවා. ගාමිණි දිසානායක මහත්මයා කොත්මලේ හදනකොට ඔය ගැටළුව ආවා. ඉහළ කොත්මලේ කරන කාලෙත් ඔය ප‍්‍රශ්නෙ ආවා. සමනල වැව විවෘත කරන වෙලාවේ එහා පැත්තෙන් කන්ද කඩාගෙන ආවා. සමනල වැව එදාම වහල දැම්මා. හැබැයි වර්තමානයේ මෙය උනේ දේශපාලඥයෙකුගේ පවිටු අදහස් නිසා. මේ උමා ඔයේ වතුර ගියේ මහවැලියට. මේවා රන්දෙනිගලට, රන්ටැඹේට ගියේ. මේ වතුර ටික අරන් යන්න ඕන උනා මැදමුලනට ඒකයි හේතුව. ඒකට උමගක් හෑරුවා, වැල්ලවායෙන් පහළට වතුර අරගෙන ගිහිල්ලා හම්බන්තොටට අරන් යන්න. අනුරාධපුරේට, පොලොන්නරුවට, මහවැලියට එන වතුර ටික ගමට අරන් යන්න මහින්ද මහත්මයාට ඕනේ උනා. කවුරු අනතුරු ඇ‍‍ඟෙව්වත් එය ගණන් ගත්තේ නැහැ. එය දුන්නා ඉරානෙට එකට හතර ගුණයක් වැඩියෙන්. ඒ තාක්ෂණයන් සම්පූර්ණයෙන්ම වැරදියි. අද විශාල අනතුරකට ගෙවල් හත් අටදාහක් හසුවෙලා බණ්ඩාරවෙල නගරයම අනතුරට පත්වෙලා තිබෙනවා. පෙලපාළි යන්නේ කාට විරුද්ධවද? මෛත‍්‍රී – රනිල්ට විරුද්ධව. මෙය ඉතාම ආත්මාර්ථකාමී දේශපාලන අරමුණක් ඉටු කරන්න ගිහින් කර ගත්තු දෙයක්. මේවයේ පවු ගෙවන්න සිදුවෙලා තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට

https://www.facebook.com/PataliChampika/videos/1921358181479024/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *