ලංකාවටත් ගිණි කළමනාකරණයක් වහාම අවශ්‍යයි.

ලංකාවටත් ගිණි කළමනාකරණයක් වහාම අවශ්‍යයි.

එංගලන්තයේ, ලන්ඩනය වැනි දියුණු නගරයක ඇති වූ ගිනිගැනීමේ සිදුවීමෙන් අප ඉගෙනගත යුතු පාඩම නම්, එය ත‍්‍රස්තවාදී ක‍්‍රියා වෙන්නත් පුළුවන්, නොඑසේනම් හදිසි අනතුරු තත්වයක් ද විය හැකි යි. එවැනි හදිසි අනතුරු තත්වයන්ට මුහුණදීමට හැකි ආකාරයේ වැඩපිළිවෙලක් අප විසින් ද විධිමත්ව සකස් කරගත යුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දෙස් විදෙස්හි දේශපාලන හා සමාජයීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘පසුගියදා ලන්ඩන් නගරයේ හටගත් ගින්නකින් මහල් 24 කින් යුත් තට්ටු නිවාස සංකීර්ණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් උනා. දැනට වාර්තාවෙන අන්දමට 12 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. මෙයත් සමග විශාල ගැටළු ගණනාවක් පැන නැගී තිබෙනවා. පළවෙනි කාරණය නම් එංගලන්තය වැනි ඉතාම දියුණු රටක කෙසේ ද මෙවැනි ගින්නක් ඇති වුණේ එය වලක්වා ගැනීමට නොහැකි උනේ ඇයි කියන ගැටළුව පැන නගිනවා. එසේම මෙයට පෙර ඩුබායි නගරයේත් මෙවැනිම ගින්නක් ඇති උනා. මෙතනදී හෙළදරව් වෙලා තිබෙන කරුණුවලට අනුව මේ නිවාස සංකීර්ණය 1974 දී තමයි ඉදිකර තිබෙන්නේ. එසේම එය පැරණි නිවාස සංකීර්ණයක් නිසා අවුරුදු කිහිපයකට කලින් නවීකරණය කිරීමක් සිදුකර තිබෙනවා. විශේෂයෙන්ම ඒ නිවාස සංකීර්ණයේ ජීවත්වන අයට දී තිබෙන අවවාදය තමයි ගින්නක් ඇති උනොත් තමන්ගේ නිවාස ඒකකයට වී සිටින ලෙසත් පිටතට නොයන ලෙසයි. අවාසනාවකට සෑම නිවාස ඒකකයක්ම ඉතා කෙටි කලක් ඇතුළත මේ ගින්නට ගොදුරුවීම නිසා ඒ ගිනි නිවීම සඳහා තිබූ පැරණි උපක‍්‍රම සියල්ලම අසමත්වීම දැක ගන්න පුළුවන්. ඒ වගේම එංගලන්තය වැනි දියුණු රටකට මෙවැනි නිවාස සංකීර්ණයක ඇතිවන ගිනි නිවීමට නොහැකියාවක්, ඔවුන්ගේ ගිනි නිවන හමුදාවලට නොතිබුණු බවත්, විශේෂයෙන්ම උස් ප‍්‍රදේශවල සිදුවන ගින්න වැලැක්වීමට හැකියාවක් නොතිබුණු බවත්, ඉතාම ප‍්‍රාථමික උපක‍්‍රම උපයෝගී කරගනිමින්, ඒ කියන්නේ කොට්ට මෙට්ට පහල අතුරා ඒ මතට පැනීමට සැලැස්වීමෙන් තමයි බොහෝ ජීවිත ගලවාගෙන තිබෙන්නේ.

https://www.facebook.com/PataliChampika/videos/1911455355802640/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *