දියවන්නා වෙසක් කලාපයට ලක්‍ෂ තුනක ජනකායක්.

දියවන්නා වෙසක් කලාපයට ලක්‍ෂ තුනක ජනකායක්.

දියවන්නා ජාත්‍යන්තර වෙසක් කලාපයේ දෙවන දිනය වන අද(11) දින ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සහ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මැති ඇමතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මහජන ප‍්‍රදර්ශනය උදෙසා විවෘත කෙරුණි.

ආරම්භක දිනය වූ ඊයේ දිනයේදී දියවන්නා ජාත්‍යන්තර වෙසක් කලාපය නැරඹිම සඳහා ලක්ෂ තුනක පමණ ජනතාවක් පැමිණ තිබූ අතර අද දිනයේදී ද විශාල ජනතාවක් මෙම වෙසක් කලාපය නැරඹිමට පැමිණ සිටියහ.

අද දින ද දෙස් විදෙස් බෞද්ධ සම්ප‍්‍රදාය මෙන්ම අතීතයේ සිට පැවත එන වෙසක් සැරසිලි සඳහා නව අර්ථයක් සපයමින් ලෝකයේ ඇති නවීන තාක්ෂණික සැරසිලි අත්දැකීම් සමග දියවන්නා වෙසක් කලාපය අර්ථ ගැන්වී ඇත. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, කථානායක කාර්යාලයත් දියවන්නා වෙසක් කලාපය සංවිධානය කරන ලදි. මැයි මස 14 දින දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව වෙසක් කලාපය පැවැත්වේ.

ශ‍්‍රී ලංකාවේ සිදුකරන වෙසක් සැමරුමක පළමුවරට දැක ගත හැකි ජලතිර තොරණ, ලේසර් තොරණ සහ ආසියානු රටවල් වන ඉන්දියාව, පකිස්ථානය, චීනය, බුරුමය, තායිලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, කාම්බෝජියාව, මියන්මාරය සහ මැලේසියාව යන රටවල් දහයක බෞද්ධ සංස්කෘතීන් සහ සම්ප‍්‍රදායන් විදහා දැක්වෙන, ඒ ඒ රටවල් වලින් නිර්මාණය කෙරෙන වෙසක් සැරසිලි කුටි ද මෙවර දියවන්නා වෙසක් කලාපයේදී දැක ගත හැකිය. අඩි 60 ක් දිග අඩි 30 ක් උස ජල තිර තොරණේ ජාතක කතා දෙකක් මූලිකව කතාවස්තුව නිර්මාණය කර ඇත.
මෙම වෙසක් කලාපයට සමගාමීව දිනකට 75,000 කට සහභාගී විය හැකි මහා බත් දන්සලක් සහ දින පහ පුරාම කි‍්‍රයාත්මක නූඞ්ලස් දන්සල සහ ඔසුපැන් දන්සැල් ද මෙම කලාපයේ පැවැත්වේ.

හෙට දින අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විදේශීය නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් දියවන්නා වෙසක් කලාපය ආරම්භවීමට නියමිත අතර ජනතා ප‍්‍රදර්ශනය සඳහා රාත‍්‍රී 8 න් පසු විවෘත කෙරේ.

18403454_1894926190788890_1924146310912695898_n

18402913_1894925474122295_1627674443503576167_n

18342184_1894925380788971_2762721473164430699_n

18342596_1894926330788876_1639484237537840720_n

18342721_1894925634122279_3417213586083858245_n

18402667_1894925754122267_7408534291460617351_n

18359014_1894925460788963_2727473155764780267_o

18402601_1894926164122226_195732633636725362_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *